Pages
▼
එලා මුදු තණ පලස
වැතිර ඒ මත නිසල
යොමා නෙත අහස
බලමි කොහිද ඔබ
ඈත සොදුරු ඉසව්වක
ඇවිද යන රාත්‍රියක
නිසල වන පියසක
අප දෙදෙන තනියම
කියනු බැරි කතාවක
ඇරඹුමක් නොතියාම
නිමාවක් දකින්න ද
අපේ හද පතුල සිඹ
ගීයකින් හිත දවන
නිමේශය නිසසලව
රෝස පෙති අතර
වැතිර හිදී සෝබරව