Pages

Sunday, March 15, 2015

සොඳුරිය නික්ම ගිහින්




පාට පාට සළු ඈ ගත සැරසූ
සමනළ් තටු වල තවරා ගිහින්
ඈ ගත සුවඳින් මා හද සැනසූ
අතු අග මල් මත තබා ගිහින්

සියුමැළි දෙතොලේ පහස මට දුන්
මල් පෙතිමත ඈ තබා ගිහින්
මුදු මුදු සුළගේ ලෙල දුන් කෙහෙරැල්
නුග අතු මත ඈ තබා ගිහින්

දිදුලන මුවමත රැන්දු සිසිලෙන්
ගඟ දියම ඈ පුරවා ගිහින්
මා හද මියැසිය මන්මත් කරවූ
වෙණ තත් මත ඈ තබා ගිහින්

නෙක හද තරු මල් ගැන කියමින්
ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා ගිහින්
මා නෙත් සදහට පිරවූ කඳුලින්
වැහි බිඳු එකිනෙක ඈ පුරවා ගිහින්

මතක පොතේ පිටු පෙරළන වාරේ
පරිසරයම ඈ පුරා ගැටෙයි
කඳුලක හිරවුන සෙනෙහස පුරවා
නො එන ලෙසට ඈ නික්ම ගිහින්.



5 comments:

  1. හරි ලස්සනයි අක්කේ

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නංගි. හිතට නැගුන සිතිවිල්ලක් ගිය දුර.

    ReplyDelete
  3. හරිම ලස්සනයි , අක්කේ පද පෙල. සොඳුරියක් නික්ම ගිහින්. හද සසල කලා, නෙතට කඳුලක් එක් කලා අක්කේ.

    ReplyDelete
  4. ස්තූතියි! නංගි.

    ReplyDelete
  5. කවිමුතුමල් පාළු වෙන්න නොදෙනවට බොහොම ස්තූතිය චන්දි අක්කේ... ලස්සන කවි පන්තියක්....

    ගං දිය ඉවුරක ඔබ මා සනසන
    සැටි සඳ දවසක බලා උනි
    අද ඔබ මා ළඟ නැති බව දැනගෙන
    සඳවතටත් රුදු දුක දැනුනි

    සොඳුරිය නික්ම යෑම පරිසරයෙන් වර්ණනා කිරීම ඉතා අලංකාරයි........

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................