Pages

Wednesday, October 16, 2013

දිනක් ඒවිද යලිත් පෙම් සුවය විඳින්නට.....


















වියලුණු දෙතොල් මත
තෙතමනක් රඳන්නට
තෙත් වූ නෙත් කෙවෙනි
වියැලිව හරින්නට

ඉරි තැලුණු බිමි කඩට
සිහින් වැහි වසින්නට
ඇළ දොළද ගං පිරි
ඉතිරිලා ගලන්නට

නොපිපි මල් කැකුලුවල
පිපි සුවඳ රඳන්නට
ඉපල් වුණු අතු රිකිලි
කොළ මලින් පිරෙන්නට

නොපිරි කුස පොත්තමත
බත් ඇටක් පිරෙන්නට
සෙනෙහසක් අවැසි විට
සෙනෙහෙසක් පුරන්නට

සැඩ සුළං හමාගොස්
මද පවනෙ නටන්නට
දිනක් ඒවිද යලිත්
පෙම් සුවය විඳින්නට.....

3 comments:

  1. විශිෂ්ටයි...............රසවින්දා.

    ReplyDelete
  2. හරි ලස්සනයි.නැවත නැවත රස විඳින්න හිතෙන තරමට.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................