Pages
▼
හිතේ ගුලිකර නෙතේ සඟවන්
ගී කියන
කඳුලු කිරිල්ලී
නුඹේ ගීතය
අසා දැනඋන්
කෙනෙක් වේනම්
මමයි ඒ කුමරා
හාදු වැස්සක්
අරන් ඇවිදින්
ගිම්හාන සැන්ඳැවේ
සිත තුටින් තෙපලූ
වැහි වළාවක එතී
අහස් තලයේ නැගී
දඟ කරන වැහි බිංදුවේ
මමයි ඒ කුමරා.
ගතු නොකියමි බමරිඳුනි....
සඳ ඇති රැයෙක
පිපුණු
කඩුපුල් මලක
රොන් රස විඳින
බමරෙක්මි...
පෙති කඩා හල මල
හඬද්දි දුකින්
විඳි රස රැගෙන
ඉගිලුනා සැණෙන
ඉසිඹුවක් ලදින්
වෙන මලක් වෙතට...
කඩුපුලේ රැඳුනු
රොන් වලින් මත්ව
ඒ මලේ පෙතිද
කඩා හල විටක
හැඬුවෙ නැහැ එමල
නෙතේ රැඳි කඳුල
සැඟවුවා විගස..