Sunday, March 3, 2013

විඳින්න ඇත්නම්...

කවුළු පියන් පත් අතරින්
සඳරැස් වැටිලා දිලිසෙන
සීත රැයේ හිමින් හිමින්
ඔබ වෙත එන්නට ඇත්නම්
ඔබේ සුවඳ එක මොහොතක්
විඳින්න ඇත්නම්

සුමුදු සේද ඇතිරිලි මැද
සුවසේ නිදනා පය මුල
මොහොතක් වැතිරි නින්දක්
නිදන්න ඇත්නම්,මොහොතක්
සිතන්න ඇත්නම්

සිහිනෙන් ඔබ මුමුණන විට
හිමන් සැරේ සවන් යොමා
පුංචි සද්දයක් නොකරම
අහගෙන ඉන්නට ඇත්නම්
හීන් සිනාවක් මුවඟෙහි
නගන්න ඇත්නම්

කවුළුව අතරින් හිරු රැස්
මෝදුව එනවිට හිමිහිට
අවදිව ඉන්නම්
ඔබේ සුවඳ රැඳි කොට්ටය
තුරුලට ගෙන එකම වරක්
සිඹින්න ඇත්නම්.

4 comments:

  1. හරිම ලස්සනයි, ගීතයක් වාගේ. ජයම වේවා!

    ReplyDelete
  2. රසයි මාරයි පට්ටයි මැක්සා වෙන මොනවා කියන්නද?

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................